Sunday, September 23, 2012

විද්‍යාත්මක හේතු

* සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.* පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ

උෂ්ණත්වය ඉහළ යයි. එම නිසා කඩල ඉක්මනින් තැම්බේ.* හොඳින් ආලෝකය ඇති තැනක සිට කාමරයක් තුළට පැමිණි විගස මද වේලාවක් යනතුරු කාමරය තුළ ඇති භාණ්ඩ නොපෙනේ.ඇසේ කණීනිකාව හොඳින් ආලෝකය ඇති විට කුඩා වේ. ආලෝකය අඩු වූ විට විශාල වේ. ආලෝකය ලැබෙන ස්ථානයේ සිටින විට කුඩා වූ කණීනිකාව කාමරයට පැමිණි විගස විශාල නොවීමෙන් කාමරය තුළ අඩංගු භාණ්ඩ පැහැදිලිව නොපෙනේ.* සහල්වල ඇති ගල්, වැලි ගැරීමෙන් ඉවත් කළ හැක්කේ කෙසේද?ගල්, වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩිය. එම නිසා සහල්වලට වඩා ගල් වැලි යටට යයි. සහල් ගැරීමේදී ඝනත්වයෙන් අඩු සහල් ඉවත් වන අතර ඝනත්වයෙන් වැඩි ගල් වැලි භාජනය පතුලේ රැඳෙ.* කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.පිටි පිපීම සඳහා භාවිතා කරන ආප්ප සෝඩා හෙවත් සෝඩියම් බයි කාබනේට් මඟින් කාබන් ඩයොක්සයිඩ් සෑදේ. නමුත් කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට කාබන් ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන නිසා පිටි පිපීම සිදු නොවේ.* පලතුරු නරක් නොවී තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවනයක බහා තබනු ලැබේ.පලතුරු මත ක්ෂුදු ජීවීන්ගේ වර්ධනය නිසා ඒවා නරක් වේ. නමුත් පලතුරු සාන්ද්‍ර සීනි ද්‍රවණයක් තුළ බහා තැබීමේදී සීනි ද්‍රාවණයේ සාන්ද්‍රනය වැඩි නිසා පලතුරුවල ජලය සීනි ද්‍රාවණය මගින් උරා ගනී. එවිට ක්ෂුදු ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ජලය නොලැබී යාමෙන් වර්ධනය අඩාල වීම නිසා පලතුරු නරක්් නොවේ.* විකිනීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසිනු ලැබේ.පලා ගොඩවල් මතට ජලය ඉසීමෙන් ඒ අවට වාතයේ ආර්ද්‍රතාවය වැඩි වේ. මේ නිසා පලාවල උත්ස්වේදනය මඟින් ජලය ඉවත් වී යාම අඩු වී පලා වියළීමෙන් ආරක්ෂා වේ.* හාල්මැස්සන් කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ.හාල්මැස්සන්ගේ වැඩිපුර කැල්සියම් අඩංගුය. තක්කාලි වල ඔක්සැලික් අම්ලය තිබේ. මේ දෙක එකතුවීමේ දී කැල්සියම් ඔක්සලේට් නමැති ජලයේ එතරම් දිය නොවන ස්ඵටික සාදයි. මේවා මුත‍්‍රාශයේ බිත්තිවල තැන්පත් වීමෙන් මුත‍්‍රා රෝග සෑදීමට හේතු වෙයි. * මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තබන්න.මඤ්ඤොක්කාවල සයනයිඩ් සංයෝග ඇත. ඒවා සිරුරට විස සහිතය.මඤ්ඤොක්කා තැම්බීමේදී සයනයිඩ් සංයෝග වාෂ්ප වී යයි. නමුත් බඳුන වසා තැම්බූ විට මෙම සයනයිඩ් පිට නොවී බඳුන තුළම රැඳී ජලයේ දිය වෙයි. ඒ නිසා ඒවා අනුභව කිරීමෙන් ශරීරයට හානි පැමිණිය හැකිය.* නරක් වූ මාළු ටින් හඳුනා ගන්නේ ඒවායේ පෘෂ්ඨ නෙරා තිබීමෙනි.මාළු ටින් එකේ ඇති මාළු නරක් වූ විට නොයෙක් අම්ල සෑදේ. ඒ නිසා ටින් එක තුළ පීඩනය වැඩි වී පිටතට නෙරයි.* වර්ෂා දිනවල මුත‍්‍රා යාම වැඩිය.වර්ෂා දිනයක පරිසරය සිසිල් නිසා දහදිය වාෂ්පීකරණය සිදු නොවේ. එවිට දහදිය ආධාරයෙන් පිටවීමට යෙදුන බහිඝ‍්‍රාවීය ද්‍රව්‍ය පිට නොවන නිසා ඒවා මූත‍්‍රා ආකාරයෙන් පිටවීම සඳහා මුත‍්‍රාශය කරා යයි. එම නිසා වර්ෂා දිනවල මුත‍්‍රා වැඩිපුර යාම සිදු වේ.* ශීත දිනවලවැඩි බඩගින්නක් දැනේ.ශීත දිනවලදී ශරීරය තුළ තාපය රඳවා තබා ගත යුතු වේ. මේ සඳහා වැඩි ආහාර ප‍්‍රමාණයක් ශරීරයට අවශ්‍ය නිසා වැඩියෙන් බඩගිනි දැනේ. 

No comments:

Post a Comment

www.helpworld.cc.cc